Our Services
අධ්‍යාපන
කොත්මලේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළට ගෙන ඒම ඉලක්ක කරමින් "කොත්මලේ අපි" පාසල් අධ්‍යාපනයට හා වෘත්තීය අධ්‍යාපනයට මැදිහත්වීම සම්බන්ධව සැලසුම් කර ඇත. ප්‍රවේශ වැඩසටහන් ලෙස අධ්‍යාපනික සම්මන්ත්‍රණ වැනි අවස්ථා අප විසින් සිදු කර ඇත. "කොත්මලේ අපි අධ්‍යාපනික සැලසුම" ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සමාජ සේවා
විවිධ විෂයයන් යටතේ ආන්තිකත්වයට පත්වන සමාජ කොටස් වෙනුවෙන් සංවිධානය මැදිහත් වේ. විශේෂයෙන් දිළිඳු , ඉගෙනුම් දක්ෂතා දක්වන දරුවන් වෙනුවෙන් මූලික අධ්‍යාපනික මෙවලම් ලබාදීම අප විසින් "සිසු ........" ලෙස වසර කිහිපයක් සිදු කර ඇත. ඉදිරියේදී "උදව් අවශ්‍ය සියළු පුද්ගලයින්" වෙත මෙම සමාජ සේවා සත්කාරය ව්‍යාප්ත වනු ඇත.
සෞඛ්‍ය
ප්‍රජාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සදහා කොත්මලේ අපි මැදිහත්වීම අඛණ්ඩව සිදු වේ. සෞඛ්‍යමත් ජනතාවක් ජීවත්වීම ප්‍රජාවක ශක්තිමත්බවට උපකාරී වේ. සෞඛ්‍යසම්පන්න ජීවිත ගොඩනැගීම උදෙසා අපගේ මැදිහත්වීම ඉදිරියේදී පුළුල් වනු ඇත.
ආගමික
බෞද්ධාගමික වැඩසටහන් සිදු කිරීම ඕනෑම පොදු සංවිධානයක සාමාන්‍ය කටයුත්තකි. නමුත් අප විසින් සිදු කරනු ලබන ආගමික ව්‍යාපෘති සමස්ත කොත්මලේ ම ආවරණය වීම විශේෂ අවස්ථාවකි. සිදු කරනු ලබන එවැනි ආගමික කටයුතු වලදී ප්‍රජාව සංවිධානය වීම හා ආධ්‍යාත්මික මාවත කරා ගමන් කිරීම සිදු වේ.
පාරිසරික
"කොත්මලේ" ලංකාවේ සුවිශේෂ කඳුකර පාරිසරික කලාපයකි. විශාල සංවර්ධන යෝජනා ක්‍රම මගින් බොහෝ වෙනස් කම් සිදුකර ඇතත්, තවමත් එය පාරිසරික පාරාදීසයකි. එම නිසාම කොත්මලේ පරිසරය නැරඹීම සඳහා වාර්ෂිකව පැමිනෙණ සංචාරකයින් දහස් ගණනකි. කොත්මලේ ප්‍රජාව වශයෙන් අප විසින් මේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා ව්‍යාපෘති සිදු කරනු ලබයි. මහා පරිමාණ පාරිසරික විනාශයන් අත් කරදෙන ව්‍යාපෘති කොත්මලයට තව දුරටත් අවශ්‍ය නැත. මේ පරිසර මැදිහත්වීම කසල කළමනාකරණයේ සිට සංචාරක ව්‍යාපාරය දක්වා පරාසයක් තුළ අප විසින් ඉදිරියේදී සිදු කරනු ලැබීමට නියමිතය.
ආකල්ප හා පෞරුෂ සංවර්ධන
සාමාජිකත්වය හා ක්‍රියාකාරිකයින් ඉතා නිශ්චිත වශයෙන් කොත්මලේ අපි වෙනුවෙන් සිදු කරනු ලබන වැඩ වල ගුණත්වය හා කාර්යක්ෂමතාවය වැඩි කල යුතු වේ. එසේම ඔවුනොවුන්ගේ දෛනික ශ්‍රම ජීවිතය සඳහා අත්‍යවශ්‍ය ආකල්පමය ගොඩනැංවීම් වෙනුවෙන් සංවිධානමය මැදිහත්වීම සිදු කරනු ලබයි. ආකල්ප වෙනස් වන්නේ ක්‍රියාවන් තුළින් වන නිසා ඒ සදහා වන අඛණ්ඩ වැඩසටහන් අප විසින් සංවිධානය කරනු ලබයි.